සජිත්ගේ සාකච්ඡාවට එන බව නාමල් රාජපක්ෂ දැනුම් දෙයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට තමා සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අද (16) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාව හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *