තරුණ සේවා සභාව ඇතුළු ස්වාධීන ආයතන දේශපාලනීකරණය නවත්වන්න – නාමල් කියයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමින් සාධාරණ සහ යුක්තිසහගත සමාජ ක්‍රමයක් පවත්වා ගැනීම සඳහා තරුණ සේවා සභාව සහ අනෙකුත් සියලු ස්වාධීන සංවිධාන දේශපාලනීකරණය කිරීම නවත්වන ලෙස තමන් විසින් රජයට තරයේ අවධාරණය කරන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය FB හී සටහනක් තබමින්.

මේ, ඒ පිළිබඳව මන්ත්‍රීවරයා FB හී තබා ඇති සම්පූර්ණ සටහන යි.

“ජාතික තරුණ සේවා සභාව දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාව අපි දැඩි ලෙස හෙළා දකිමු. මෙය රටේ සමස්ථ තරුණ ප්‍රජාවේ ස්වාධීනත්වය කෙරෙහි එල්ල වන දැවැන්ත අභියෝගයකි. මෙම පියවරට විරුද්ධ වීම නිසා කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ හිටපු සභාපති පූර්ණ සත්‍යජිත් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ නිවට ක්‍රියාවකි. මෙය එක් පුද්ගලයෙකුට එල්ල කරන ලද පහරක් පමණක් නොව ශ්‍රී ලංකාවේ ස්වාධීන තරුණ නායකත්වයට එල්ල කරන ලද ප්‍රජාතන්ත්‍ර

විරෝධී තර්ජනයකි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමින් සාධාරණ සහ යුක්තිසහගත සමාජ ක්‍රමයක් පවත්වා ගැනීම සඳහා තරුණ සේවා සභාව සහ අනෙකුත් සියලු ස්වාධීන සංවිධාන දේශපාලනීකරණය කිරීම නවත්වන ලෙස අපි රජයට තරයේ අවධාරණය කරමු”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *