මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට අනතුරු අඟවයි

ආණ්ඩුව තවදුරටත් මර්දනයට සූදානම් නොවන ලෙසත් තමන්ටද ඉවසීමේ සීමාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) අලුත්ගමදී පැවති ගමින් ගමට වැඩසටහනට එක්වෙමින්.

ආණ්ඩුවට මේ මොහොතේ එල්ලවන චෝදනා වසා ගැනීමට දේශපාලන අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළා.

රාජ්‍ය නායකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් ජවිපෙ නායකයින්ට රකින්න පරපුරක් හෝ රකින්න රටක් නොමැති බවත් තම කඳවුරට රකින්නට පරපුරක් ඇති බවත් රකින්න රටක් ඇති බවත් නාමල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *