ආණ්ඩුව විගණකාධිපති පත් නොකරන්නේ වංචා-දූෂණ වහ ගන්නයි – නාමල් රාජපක්ෂ කියයි

ආණ්ඩුව විගණකාධිපති පත් නොකරන්නේ වංචා දූෂණ වසා ගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.

නීති විරෝධී ලෙස කැබ් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවීම, වරායෙන් නීති විරෝධී ලෙස කන්ටේනර් 323ක් පිට කිරීම, බාල බෙහෙත් ආනයනය කිරීම වැනි දූෂිත ගනුදෙනු සෙවීමට විගණකාධිපතිවරයෙකු සිටීම ආණ්ඩුවට බාධාවක් වී ඇතැයි ද ජාතික සංවිධායකවරයා කීවේය.

ආණ්ඩුව විගණකාධිපති තනතුර සමග කරන මෙම සෙල්ලම නතර නොකළහොත් ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ආදී ජාත්‍යන්තර සංවිධාන සහ විදෙස් රටවල් ශ්‍රී ලංකාවට ණය සහ ආධාර සැපයීම නතර කරනු ඇතැයි ද මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.

ඕනෑ ම ජාත්‍යන්තර ආයතනයක් ආධාර සපයනුයේ විධිමත් විගණනයකට යටත් බව ත් එවැනි විගණනයක් කිරීමට විගණකාධිපතිවරයෙකු නොමැති රටකට ආධාර සැපයීමට කිසිදු රටක් හෝ සංවිධානයක් ඉදිරිපත් නොවන බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

මාස අටක් තිස්සේ පුරප්පාඩුව පවතින විගණකාධිපති ධූරයට ජනාධිපතිවරයා හිතවතෙකු පත් කරගැනීමට දැරූ උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැළැක්වීම නිසා ඇතැම් ඇමතිවරුන් ව්‍යවස්ථා සභාව විවේචනය කරමින් සිටින බව ද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *