මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ‘A’ ශ්‍රේණියට – ලෝකයටම 09 දෙනයි

ලෝකයේ මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් ඇගයීමට ලක්කරමින් ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් නිකුත් කරනු ලැබූ නවතම වාර්තාවකට (වසර 2025) අනුව ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා “A” ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයකු ලෙස නම්කර ඇත. ලෝකයේ මහ බැංකු අධිපතිවරුන් “A+”, “A” හෝ “A-” කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර ඇගයීමටලක් කර ඇති ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු 09 දෙනකු “A” ශ්‍රේණියට නම් කොට තිබේ. වර්ගීකරණයේ “A+” ශ්‍රේණියේ අධිපතිවරුන් ලෙස ඩෙන්මාර්කය, එක්සත් ජනපදය, වියට්නාමය යන රටවල් තුනෙහි මහ බැංකු අධිපතිවරුන් නම් කොට ඇත.

වර්ගීකරණය අනුව “A” ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් ලෙස චිලී, කොස්ටාරිකා, ඉන්දුනිසියා, ජමෙයිකා, කෙන්යා, මැක්සිකෝ, පැරගුවේ, පීරු, සහ ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරුන් නම් කොට තිබේ.

වර්ගීකරණය අනුව “A-” ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් ලෙස කාම්බෝජය, චෙක් ජනරජය, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ඉතියෝපියාව, යුරෝපීය සංගමය, ගෝතමාලාව, මොන්ගෝලියාව, පිලිපීනය, සර්බියාව, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, තායිවානය, උගන්ඩාව යන රටවල මහ බැංකු අධිපතිවරුන් නම්කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *