හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව මීට පෙර තමන් දැනුවත් වූයේ නම්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වැඩි මැදිහත්වීමක් සිදු කිරීමට අවස්ථාව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“නන්දන ගුණතිලක මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව මට මුලින්ම දැනගන්නට ලැබුණේ විදේශගතව සිටින මිතුරෙකුගෙන්. ඒ වන විටත් ඒ මහතාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට රාගම රෝහල වෙත මාරු කර යවා තිබුණා. ඔහුගේ තත්ත්වය පිළිබඳව මීට පෙර දැනුවත් කළේ නම්, ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා මීට වඩා වැඩි යමක් කිරීමට මට හැකියාව තිබුණා.”
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්වූ චරිතයක් බවද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.