ජාතික තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කරයි

තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව කෝප් කමිටුවේදී හෙළිවූ කරුණුවලට අනුව එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට අදාළ වාර්තා යොමු කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් ද එල්ල වී ඇති චෝදනා පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම වාර්තා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චෝදනාවලට ලක්වූවන්ට නඩු දැමීමට නීතිපතිවරයාට අදාළ වාර්තාව යොමුකරන බව කෝප් කමිටු සාමාජික මන්ත්‍රි අසිත නිරෝෂණ පැවසීය.

පසුගිය දා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම්වලදී රනිල් වික්‍රමසිංහ රජය එම ආයතනයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ සිද්ධි රැසක් හෙළිවූ බවද ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩතහනම් කර ඔවුන් පිළිබඳ දීර්ඝව පරීක්ෂණ කිරීමට වර්තමාන තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්‍වරයාට උපදෙස් දුන් බවද අසිත නිරෝෂණ මන්ත්‍රිවරයා කීය.

තරුණ සේවා සභාවේ සිදුවූ දූෂණ පිළිබඳ චෝදනාකරුවන්ට අනිවාර්යයෙන් ම නීතිපතිවරයා හරහා නඩු දමන බව ද මේ සතියේදී ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුවට ගෙන්වන බවද අසිත නිරෝෂණ මන්ත්‍රිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *