රට පුරා නිවාස 31,218 ක් ඉදිකිරීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දවසේ පවා තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළ ද, උතුරේ, දකුණේ, නැගෙනහිර හෝ කවර ප්‍රදේශයක  වුවද කිසිදු අන්දමකින් ජාතිවාදයට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එසේම, යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය තම පාලන කාලය තුළ විසඳන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500 ක් ඉදිකිරීම ඇතුළුව, රට පුරා නව නිවාස 31,218 ක් ඉදිකිරීමේ ‘තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්’ ජාතික නිවාස වැඩසටහන 2026 සමාරම්භක අවස්ථාවට අද (16) පෙරවරුවේ චාවකච්චේරිය, මීසාලේ, වීරසිංහ ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *