මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එඩ්ස් වැළදී ඇති බව හෙලිව තිබෙනවා.
එසේම ඒවායේ සේවය කළ කාන්තාවන් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඒ අතර වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක්ද සිටින බව සදහන්.
අත්අඩංගුවට ගත් තරුණියන් වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුවයි ඉන් දෙදෙනෙකුට එඩ්ස් වැලදී ඇති බවට හෙළි වී ඇත්තේ.
මෙම වැටලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු ද සිටින බවයි.
මේ අතර, දිවයින පුරා විවිධ ස්ථානවල මේ වන විට සිගමන් යදින බාල වයස්කාර වීථි දරුවන්ගේ සංඛ්‍යාව 30,000කට ආසන්න බවට අධ්‍යනයකදි අනාවරණය වී තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම දරුවන් ඉන් මුදා ගැනීම සදහා ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍ය බවයි.