නව දූෂණ වීරෝධී පනතක් එයි – පූර්ණ බලැති නව අල්ලස් කොමිසමක් පිහිටුවයි

වත්මන් රජය විසින් නව දූෂණ විරෝධී පනතක් ගෙන ඒමට සැලසුම් කරමින් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.එලෙස නව පනත සම්මත කරගැනීමත් සමඟ අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා කොමසාරිස්වරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කරගැනීමේ ක්‍රමවේදය ද වෙනස් කෙරේ. එලෙස ඉහළ තනතුරුවල පත්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමත් සමඟ අල්ලස් දූෂණ කොමිසමට නව කොමසාරිස්වරුන් තිදෙනකු පත්කිරීම ද සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ.

අල්ලස් දූෂණ කොමිසම විසින් කරනු ලබන පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා නව තීරණය ගත් බව රජයේ නීති අංශ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *