ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක මහතා ඊයේ (13දා) පැවසීය.

පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන බවට බොහෝ පිරිස් ප්‍රකාශ කරන බවත් ඒ මහතා කීය. එම නිසා පොල්තෙල් නමින් වෙළෙඳපොළට නිකුත් කරන තෙල්වල නිෂ්පාදකයා මෙන්ම ඇතුළත් කළ යුතු සියලු කරුණු ඇතුළත් කර ඇසුරුම් සහිතව වෙළෙඳපොළට එම පොල්තෙල් නිකුත් කළයුතු බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වයට අනුගතවීමට මාස කිහිපයක් ලබාදී ඉන් අනතුරුව මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. පොල්තෙල් නමින් කලවම් කරන ලද තෙල් වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ද ඒ මහතා කියාසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *