නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත් ශාස්ත්‍රීය සහ වෘත්තීය දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න අවස්ථාව ලැබෙන බවත් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
යාපනය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ 02දා පැවැති උතුරු පළාත් විද්වත් වෘත්තිකයින්ගේ හමුව අමතමින් අගමැතිවරිය මේ බව පැවසුවාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇය මෙසේද කියාසිටියාය.
සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනුවටශ්රාස්ත්රීය සහ වෘත්තීය යන දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කටයුතු කරනවා. තවමත් සමහර පිරිස් වැරදි මතවාද අරගෙන යනවා ඉතිහාසය හා ආගම සහ සෞන්දර්ය විෂයන් යෝජිත ප්‍රතිසංස්කරණ මගින් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට. ඒ සාවද්‍ය ප්‍රකාශවල කිසිඳු පදනමක් නැහැ. ඉතිහාසය සෞන්දර්ය හෝ ආගම යන විෂයන් කිසිම ලෙසකින් විෂය මාලාවෙන් ඉවත් කර නැහැ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ශිෂ්‍ය ප්‍රජාව මත බර පටවන අධ්‍යාපනයක් වෙනුවට දරුවන්ට පීඩාවකින් තොරව ඉගෙන ගැනීමටත්, කැමැති විෂයන් වැඩිදුරටත් ඉගෙන ගනිමින් තම ජීවන වෘත්තීය තෝරාගැනීමටත් නිසි මගපෙන්වීමක් කරනවා. වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළට ගෙනවිත් ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍ර දෙකෙන් තමන්ට වඩාත් ගැළපෙන ක්ෂේත්රය තෝරාගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබෙනවා. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වනවිටත් සාදා නිම කළ අවසන් ප්‍රතිසංස්කරණය නෙමෙයි.
විෂය ප්‍රවීණයන්, ගුරුවරුන් දෙමව්පියන් සහ සමාජයෙන් එන සාධනීය යෝජනා සහ චෝදනා සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය දේ උකහාගනිමින් අනවශ්‍ය දේ බැහැරකරමින් පියවරෙන් පියවර ඉදිරියට සිදු කළයුතුයි.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන් ඇතුළු වෘත්තිකයින් පිරිසක් එක්ව සිටියහ.