නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විෂයයන් ගණන 7 දක්වා පහළට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අගැයීම් කෙරෙන විෂයයන් ගණන 7ක් වනු ඇත.

ඉන් ප්‍රධාන විෂයයන් 5ක් අනිවාර්යයෙන් අධ්‍යයනය කළ යුතු වේ. එම විෂයයන් වන්නේ ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාවයි. ඊට අමතරව තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වෙයි.

එම විෂයයන් කාණ්ඩ කිහිපයකට බෙදා තිබේ. ඒ අනුව, තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන විෂය කාණ්ඩ යටතේ විෂයයන් රැසක් අතරින් දෙකක් තෝරාගත හැකි වේ.

මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ දිනයක පාසලක උගන්වනු ලබන කාලපරිච්ඡේද සංඛ්‍යාව 7කට අඩු කෙරෙන අතර එක් කාලපරිච්ඡේදයක් ලෙස මිනිත්තු 50ක් ඉගැන්වීමේ කටයුතු සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *