නවක හෙදිය හදිසියේම මිය යයි

කොළඹ ජාතික රෝහලේ සේවය  කරමින් සිට නිවාඩු ලැබ බණ්ඩාරවල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වූ නවක හෙද නිලධාරීනියක් ඊයේ (26 ) රාත්‍රී ජීවිතක්ෂයට පත්වී ඇතැයි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පැවසීය.

මෙසේ  ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ලැල්ල පදිංචිව සිටි සඳුනි සුලෝචනා නමැති විසි හතර හැවිරිදි නවක පත්වීන් ලාභී  හෙදියක  බවද පොලිසිය කියයි.

 කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග අංශයේ දැඩිසත්කාර ඒකකයේ මීට මසකට පමණ පෙර  නවක පත්තීන් ලැබූ හෙද නිලධාරිනියක් මෙසේ ජීවිතක්ෂයට පත් වූවාය.

 ඇය ඉකුත් විසි පහ දින නිවාඩු ලබා බණ්ඩාරවෙල මකුල්ඇල්ල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වී බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුළත් කර ඇති අතර  ඒ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බවද පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *