සපුගස්කන්දට තෙල් පිරිපහදුවට ආයෝජනය කරන්න ඉන්දියානු – ජපාන චීන සහ ඇමරිකානු සමාගම් එයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සහ පුළුල් කිරීම සදහා වූ ටෙන්ඩර් කැදවීමට ජාත්‍යන්තරයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව අද වෙළඳ පොළට නිකුත්ව ඇති ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කිරිමට, ඉන්දියානු, චීන, ජපාන සහ ඇමරිකානු සමාගම් විස්සකට වඩා ප්‍රමාණයක් කැමැත්ත පළ කර තිබෙන බව පුවත්පත පවසයි.

සපුගස්කන්ද පිරිපහදුවේ දැනට බොරතෙල් බැරල් පනස් දහසක් පමණ පිරිපහදු කරන අතර, එය බොරතෙල් බැරල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීම නවීකරණයේ අපේක්ෂකාවයි.

සපුගස්කන්දට ආයෝජනය කිරීම සදහා කැමැත්ත පළ කර තිබෙන සමාගම් කෙටි ලැයිස්තුගත කිරීම මේ වන විට අරඹා ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *