පෙට්‍රල් මිල යළි 420ට නගියි

ලබන ජනවාරියේ සිට සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් හාරසිය 20 ඉක්මුණු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ඊයේ (16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගෙන් විමසන ලද ප්‍රශ්නයකට ඔහු දැක්වූ ප‍්‍රතිචාරය අනුවයි.

‘ෂෙහාන් සේමසිංහ මැතිතුමනි මේ සභාවට ඉදිරිපත් වුණා ඩීසල් සහ පෙට‍්‍රල් සඳහා ලබන වසරේ මුල සිට වැට් බද්ද පැනවෙනවා කියලා. ඒක එහෙමද කියලා මං ඔබතුමාගෙන් දැනගන්න කැමතියි’ යයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විමසූ පැනයට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිනාසෙමින් සිටිනු දක්නට ලැබුණා.

‘ඒක එහෙමනම් වෙන්න මං උපකල්පනය කරනවා ඒක එහෙම වෙන්න ඇති කියලා. ඒ අනුව ජනවාරියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 420 පමණ සීමාවක් දක්වා ඉහළ ඉහළ යයි කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන්’ යයි චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *