පාසල් සිසුන්ට සමාජ මාධ්‍යය භාවිතය නියාමනය කරන නිතී හදන්න රජය සාකච්ඡා අරඹයි

බාල වයස්කාර පාසැල් සිසුන් සහ ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සඳහා සීමාවන් පැනවීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා මූලික සාකච්ඡා දැනට සිදුවෙමින් පවතින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කරනවා.

එවැනි යම් සීමා කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය,ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය එක්ව යම් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගතහොත් ඒ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට තම අමාත්‍යාංශය සූදානම් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බාල වයස්කාර පාසල් සිසුන් හා ළමුන් සමාජ මාධ්‍ය පාවිච්චා කිරීමේදී සීමාවන් අභිබවා යන බවට මවුපියන් ඇතුළු පාර්ශව කිහිපයකින්ම කරුණු ඉදිරිපත් කර ඇති බවත් මේ පිළිබඳව ද ආණ්ඩුවේ මූලික අවධානය යොමුවී අදාල අංශ මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මක කරුණු සොයා බැලීමේ කටයුතුද ආරම්භ කර ඇති බවද එරංග වීරරත්න ප්‍රකාශ කරනවා.

මෙම සමාජ මාධ්‍ය නියාමනය වන්නේ කුමන ආකාරයකටද කුමන වයස් සීමාවක් සම්බන්ධයෙන් ද කවදා සිටද යන්න තවම තීරණයක් කර නොමැති බවත් මූලිකව මෙම කාරණය සම්බන්ධයෙන් පමණක් මූලික සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *