නඩු කටයුතු වේගවත් කරනවා – නව අගවිනිසුරු ප්‍රිතී පද්මන් සුරසේන කියයි

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරු ද, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් ද මෙම උත්සවයට සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.

මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නඟා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද, නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළින් ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම වේගවත් කරන බවද නව අගවිනිසුරුවරයා මෙම නිල උත්සවයේදී ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *