රටේ ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි නව පරිගණක පද්ධතියක් එයි

රටේ ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක් සකස් කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එය වහා නවතා දමන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතා කල ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාද අතරතුරදී මෙම සංවාදය ඇතිවිය.

මෙසේ තොරතුරු රැස් කරන්නේ දෙමළ ජනතාවගෙන් පමණක් නොව සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගෙන් මෙම තොරතුරු රැස් කිරීම සිදුකරන බවත් හෙතෙම පැවසීය.

මෙම කාර්යය තමන් ආරම්භ කළ දෙයක් නොව යුද්ධ කාලයේ සිටම සිදු කර ඇති බවත්  ඇමතිවරයා තව දුරටත්  සඳහන්  කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *