ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන හැමෝම කතා කරනවනේ.
මොකද අතීතයේ ක්‍රිකට් ගැන ආඩම්බරයෙන් කතා කරන අපි දැන් දැන් වර්තමානයේ ක්‍රිකට් ගැන කතා කරන්නේ ඉතාමත් හිත් බිඳීමකින්.
ඒත් ලංකාවේ ක්‍රිකට්වල අනාගතය නම් ඉතාමත් සතුටුදායක බවයි පෙනෙන්න තිබෙන්නේ.
මේ කියන්න යන්නේ ඒ වගේ දක්ෂ පාසල් ක්‍රීඩකයකු ගැන.
ඔහු නමින් සෙල්වසේකරන් රිවියුදන්.
හින්දු විද්‍යාලයේ 13 පහල කණ්ඩායම නියෝජනය කරන ඔහු අද අතරගයකදී ඉතාමත් සුපිරි දස්කමක් දැක්වූවා.
හින්දු විද්‍යාලයේ 13 පහලා ඒ කණ්ඩායම සහ බත්තරමුල්ල එම්.ඩී.එච් ජයවර්ධන විද්‍යාලයේ 13 පහල ඒ කණ්ඩායම අතර තරඟයේදීයි ඔහු මේ දස්කම දක්වා ඇත්තේ.
එම තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ සෙල්වසේකරන් පන්දුවාර 9 යි පන්දු 4කදී කිසිදු ලකුණක් ලබා නොදී කඩුළු 8ක් ලබා ගන්නට සමත් වුණා.
එය ඉතාමත් විරල සිද්ධියක් වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට අනාගත ආයෝජනයක් ලෙසටද හැඳින්විය හැකියි.
Overs 9.4
Runs 0
Wickets 8
Selvasekaran Riviyudan
Colombo Hindu College Under – 13
