අලුතෙන් බදු දැලට ලක්ෂ 02ක් – සමාගම් 18,000ක් එක් කරගැනීමට සමත් වෙයි

මේ වසරේ (2025) මේ දක්වා ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් පිරිසක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකි වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

එසේම 18,000 කට වැඩි සමාගම් ප්‍රමාණයක් අලුතින් බදු ගෙවීම සඳහා මේ වසරේ (2025) මේ දක්වා ලියාපදිංචි කරගත් බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය කීවාය.

මෙසේ අලුතින් බදු දැලට එකතුකරන්නන් සියලු දෙනා වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ද දැනටමත් මේ සඳහා පියවර ගෙන ඇති බව ද ඇය සඳහන් කළාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (24 දා) උදේ පැවැති මාධ්‍ය හමුව අමතමින් ඇය මේ බව කීවාය.

මෙම මාධ්‍ය හමුවේදී කතා කළ දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර මහතා ප්‍රකාශ කළේ තනි පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 12 සීමාව ද බදු ගෙවීම සඳහා ලියාපදිංචි සමාගම් ප්‍රමාණය 118,000 ද සහ වැට් බදු සඳහා ලියාපදංචි ප්‍රමාණය 30,000 ද ඉක්මවා ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *