අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ටී. එච් .ආර් .ටී .චන්ද්‍රසිරි මහතා අද දිනයේ මගී අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ ධාවනයට ද සැලසුම් කර ඇති බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරයි.

ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වනු ඇති.

ඊට අමතරව යාල් දේවී හා රජරට රැජිණ දුම්රිය වල මැදිරි සංඛ්‍යාව ද වැඩි කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *