පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සිත් තැවුලට පත් කොටගල ප්‍රදේශයේ කාන්තාවක් තම ශරිරයට ගිනිතබා ගැනිමෙන් මිය ගොස් ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 13වන දින රාත්‍රියේ කොටගල දුම්රිය පල මාර්ගයේ පදිංචි කාන්තාවක් තම නිවස තුලදි ශරියට ගිනි තබා ගැනිමෙන් පසු කොටගල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බවත්ය.
එම කාන්තාව තම නිවස තුලදි ඇයගේ ස්වාමියා සමග ඇතිවු පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් විමක් දුර දිග යාමෙන් ඇතිවු සිත් තැවුලක් මත තම ශරිරයට ගිනි තබා ගැනිමෙන් දැඩි ලෙස පිලිස්සුම් තුවාල ලබා කොටගල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බවද එම නිලධාරියා පැවසිය.
කොටගල දුම්රිය පොල මාර්ගයේ අංක 26 දරණ නිවසේ පදිංචි අවුරුදු 52ක් වයසැති පි. ශාන්ති යන අය මෙසේ මිය ගොස් ඇති බවත් එසේ මිය ගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විම සදහා මල සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන ගොස් ඇති බවත් මේ පිලිබදව පතන දිඹුල පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.