අවුරුදු උත්සව සංස්කෘතියට පිටින් ගියොත් අත්අඩංගුවට ගන්නවා – පොලිසිය කියයි

නොගැලපෙන අවුරුදු ක්‍රීඩා සිදුකළහොත් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

සංස්කෘතික අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

සංස්කෘතික හා බෞද්ධ ශාසන අමාත්‍යය විදුර වික්‍රමනායක සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සඳහා එක්ව සිටියහ.

මේ අතර අලුත් අවුරුදු අවුරුදු උත්සව වල සංස්කෘතියට පටහැනි අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේනම් ඒ පිළිබඳව නීති ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය. 

අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *