නව වසරේ පෙට්‍රල්,ඩීසල් රු. 60කින් ඉහළට – ආර්ථික විශ්ලේෂකයින් කියයි


2024 ජනවාරි 1 දින සිට දැනට පවතින එකතු කළ අගය මත පනවන බද්ද හෙවත් වැට් බද්ද ඉහළ දැමීම හේතුවෙන් භාණ්ඩ හා සේවාවන්හි මිල දෙආකාරයකට ඉහළ යන බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු පවසයි

මේ හේතුවෙන් සමස්ත උද්ධමනය 1.5%ත් 2%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ආණ්ඩුවේ පුරෝකථනය වී තිබේ. 

ඒ අනුව සියලු භාණ්ඩ හා සේවා ද වැට් බද්දට සාපේක්ෂව ඉහළ අතර ඖෂධ, පාන්පිටි, ළදරු කිරිපිටි වැනි ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ නොගියද පෙට්‍රල්, ඩීසල් රුපියල් 60ක් වැනි අගයකින් වැඩිවන හෙයින් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මත ඇතැම් ආහාර වර්ගවල මිල ද, විදුලි බිල වැට් බද්දෙන් නිදහස් වුවද ඩීසල් මගින් ජනනය කිරීමේදී විදුලිය බිලද ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *