අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියළු පොලිස් නිලධාරීන් වෙත දන්වා ඇත.
එසේමල නිලධාරීන්ල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සුභ පැතීමේදී ත්‍යාග ලබාදීම නොකල යුතු බවටත් දන්වා තිබේ.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ලබාදෙන කිසිදු මුදලක් හෝ ත්‍යාගයක් භාර නොගත යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.
උපදෙස් පිළිනොපදින නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.