අවුරුද්ද ලං වනවිට එලවළු මිල තවත් පහළට

සිංහල අලුත් අවුරුද්ද දිනය ආසන්න වන විට පවතින එළවලු මිල තවදුරටත් අඩුවන ඇතැයි එළවලු සැපයුම්කරුවන් විශ්වාසය පළ කරනවා.

ගොවීන් වැඩි වශයෙන් තම අස්වනු වෙලදපොළට නිකුත් කිරීමත් සමග සැපයුමේ ඉහළ යාමක් සිදුවීම ඊට හේතුවයි.

කෙසේ වෙතත්, බෝංචි සහ කැරට් මිල ගණන් ඉහළ මට්ටමක තවමත් පවතින අතර, ගෙවුණු සතිය අවසන් වන විට කැරට් කිලෝවක තොඟ මිල රුපියල් 550 ඉක්මවා තිබුණා.

බෝංචි ද රුපියල් 500 ක පමණ තොග මිලකට අලෙවි වූ බවයි සැපයුම්කරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලීක්ස්, බීට් රූට්, ගෝවා, වට්ටක්කා, වැටකො`ඵ ඇතුලු එළවලු වර්ග රැසක මිල අඩු මට්ටමක පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *