Next Level වැඩක් එයි – නානුඔයේදී දුම්රියක සියළු පහසුකම් සමග රැයක් ගත කරන්න ඉඩ ලැබෙයි

ඒකනම් Next Level වෙයි🫡

“Odyssey Camper” NANUOYA

සංචාරයට ප්‍රිය සැමට පෙර නොවූ විරූ අත්දැකීමක් ලබාදීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය සූදානම්. 💚

ඒ අනුව නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නව ස්ථිරව ස්ථාපිත කර ඇති මෙම දුම්රියේ ඔබටත් රාත්‍රියක් ගත කිරීමට ළඟදීම අවස්ථාව උදාවනු ඇති.

දුම්රිය මැදිරියේ සකස් කර ඇති සුවපහසු කාමරය, king size ඇඳකින්, හීටර් පහසුකම් වලින් සහ උණුවතුර පහසුකම් සහිත ඇටෑච්ඩ් bathroom එකකින් සමන්විතයි.

B&B ක්‍රමයට සේවා සැපයෙන මෙම camper දුම්රියේ රාත්‍රිය ගත කරන ඔබට නානුඔය දුම්රිය බංගලාවෙන් සැපයෙන ප්‍රණීත උදෑසන ආහාරවේලක් ද සුන්දර පරිසරයක සිට භුක්ති විඳීමට හැකිවනු ඇති.

දැනට එක කාමරයක් සඳහා මිල රු.9500.00කට ලබාදිමට සැලසුම් කර ඇත.

සංචාරයේ යෙදෙන ඔබට, මධුසමය ගත කරන්නට යන ඔබට… ළඟදීම Odyssey Camper විවෘත වනු ඇත.🌀🍃

උපුටා ගැනීම – Srilanka Railway journal

image 2 Iri News
image 3 Iri News
image 4 Iri News
image 5 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *