පොත් බෙදන්න ආ ඇමති නිමල් සිරිපාලට ජනතා විරෝධය එල්ල වෙයි

වරාය හා ගුවන් සේවා අමාත්‍යයෙන් නිමල් සිරිපාලද සිල්වා මහතාට ජනතාවගේ විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ මහියංගනය ප්‍රදේශයේ පාසැල් හතරක සිසුන් සඳහා අභ්‍යාස පොත් හා පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් පැවති අවස්ථාවේදීය.

ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගනය වේවත්ත විහාරස්ථානයේද මෙම උත්සවය පැවැත්වු අතර ඒ සඳහා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියා.

එහිදී ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් චෝදනා කළේ තමන් අපේක්ෂා කළ පරිදි පාසැල් පොත් සහ පාසල් උපකරණ නොලැබුණු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *