පාස්කු ප්‍රහාරයේදී සිය රාජකාරි පැහැර හැරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහකිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කරන ලද විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන වැරදිකරු බවට තීරණය වීමෙන් පසුව ය.

අදාළ වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වීමෙන් පසු එම කොමිසම ඊයේ (18) එහි සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන්  රැස්වූ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට තීන්දු කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නිලන්ත ජයවර්ධන ය. තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කළ මූලික අයිතිවාසිකම් නඩු විභාගයෙන් ද ඔහු වරදකරු කෙරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *