ජනාධිපති භිතිකාවෙන් විපක්ෂය කුලප්පු වෙලා, ශ්‍රීල­නි­ප අපට ජනපති අගමැති සිහින නැහැ – නිමල් සිරිපාල

ජනා­ධි­පති භීති­කා­වෙන් විප­ක්ෂය අද කුල­ප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ජන­පති, අග­මැති සිහින නොමැති බවත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, හිටපු ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජාතික සංවි­ධා­යක චාමර සම්පත් දස­නා­යක මහතා පිළි­ගැ­නී­මට බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රව­ණා­ගා­රයේ සංවි­ධා­නය කර තිබූ උත්ස­වය අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය වී තිබුණේ නෑ. එහි බලය තිබුණේ සභා­ප­තිට. ඒ නිසා එක ගල­කින් කුරුල්ලෝ දෙන්නෙක් මරා­ගන්න ඕනෙ කියලා මට හිතුණා. ඒ අනුව චාම­රට මම තන­තුර බාර දුන්නා. පෞද්ග­ලික අභි­මා­න­යට වඩා බදුල්ල දිස්ත්‍රි­ක්ක­යට සුවි­ශේෂී අභි­මා­න­යක් මින් ලැබෙ­නවා. මේ රටට වැඩක් කළේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යයි. සභා­පති සහ ලේකම් හැරුණු විට තුන්වැනි ස්ථානය ජාතික සංවි­ධා­යක තන­තු­රට හිමි වෙනවා. කැඩී විනාශ වී ගිය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඒක­රාශි කිරීමේ වැඩ­පි­ළි­වෙළ අපි කර­ගෙන යනවා.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ශක්ති­මත් කිරීමේ චරිත සහ පුද්ග­ල­යන් අපට අව­ශ්‍යයි. වෙන පක්ෂ­වල නම් තමන්ගේ නෑදෑ හිත­ව­තුන් වගේම පුතාලා මේ තන­තු­රු­ව­ලට ගෙනාවා. එදා මෛත්‍රී­පාල මහතා මාව සහ දුමින්ද දිසා­නා­යක මහ­තාව මේ පක්ෂයේ තන­තු­රු­ව­ලින් ඉවත් කළා. නමුත් දැන් එහෙම හිතු­ම­තේට තන­තු­රු­ව­ලින් ඉවත් කරන්න බෑ. පහ­ළොස් දෙනකු ඉන්නවා. ඒ අයගේ කැමැත්ත සහ අනු­මැ­තිය ඒ සඳහා තිබෙන්න ඕනේ.

දැන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට සුවි­ශේෂී කාර්ය­යක් පැවරී තිබෙ­නවා. අපට හැම දෙනාම එකතු කර­ගෙන ගම­නක් යන්න ඕනෙ. පක්ෂය ශක්ති­මත් කරන්න ඕනෙ. විප­ක්ෂය ශක්ති­මත් කරන්න ඕනෙ. විප­ක්ෂය එක වේදි­කා­වට ගේන්න ඕනෙ. ධනා­ත්මක ක්‍රියා­මාර්ග ගන්න ඕනෙ. අද මේ රට යන දිසාව පිළි­බ­ඳව සියලු දෙනා බලා­ගෙන ඉන්නවා. ඒ සඳහා නාය­ක­ත්වය දීම තමයි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ රාජ­කා­රිය.”

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජාතික සංවි­ධා­යක, මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක මහතා,

“ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ තන­තුරු ලෙහෙ­සි­යෙන් ලැබෙන්නේ නෑ. වසර විසි පහ­කට පෙර මේ ගමන පටන් ගත්තත් දැන් තමයි හරි­යට ගමන පටන් ගත්තේ. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නාය­ක­ත්වය අපේ අතේ බදුල්ල දිස්ත්‍රි­ක්කයේ තිබෙන්නේ. මම මේ තන­තුර ගන්න කැමැති වුණේ නෑ. මම කිව්වේ තව ටිකක් හිතලා බල­න්නම් කියලා. මේක බැරෑ­රුම් කාර්ය­යක්. පක්ෂය ගොඩ­න­ඟන්න මට සියලු දෙනාගේ සහාය අව­ශ්‍යයි.

මේ පක්ෂය ඕන කෙන­කුට බාර දෙන්න කැමැ­තියි. මේ පක්ෂය ඕනම කෙන­කුට බාර ගන්නත් පුළු­වන්. අපි ඕන වෙලා­වක බාර දෙන්න සූදා­නම්. මේ පක්ෂයේ ජන­පති සිහින නෑ. එහෙම සිහින තිබෙන අයට මේ පක්ෂයේ ඉඩ නෑ. මේ පක්ෂය හදලා යම් තැන­කට ආවාම ජන­පති සිහි­න­යට යන්න පුළු­වන්.

දැන් ජනා­ධි­ප­ති­තුමා උතු­රට ගිහින් එකක්, දකු­ණට ගිහින් තව එකක් කිය­නවා. දැන් ජනා­ධි­ප­ති­තු­මාගේ බණ කවු­රුත් අහන්නේ නෑ. උතුරේ සහ දකුණේ මිනි­සුන් ළඟ ජාති­වා­දය නෑ.”

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභා­පති, ජනා­ධි­පති නීතිඥ විජ­ය­දාස රාජ­පක්ෂ මහතා

“1952දී බණ්ඩා­ර­නා­යක මහතා ආරම්භ කළ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය එදා පැවති මැති­ව­ර­ණ­යේදී ආසන නව­යක් දිනා­ගැ­නී­මට සමත් වුණා. එදා පැවති දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කිරී­මට තමයි පංච මහ බල­වේ­ගය එකතු කර­ගෙන මේ පක්ෂය හැදුවේ. මේ පක්ෂය වට්ටන්න බෑ. මේක පොඩි මිනි­හාගේ පක්ෂය.

අද ප්‍රශ්න­යක් මතුව තිබෙ­නවා. ශ්‍රී මහා බෝධිය පසු කර නාග­දී­ප­යට යනවා කියලා. පාර්ලි­මේ­න්තුවේ 2/3 බලය තිබුණා කියලා කවුරු හරි හිතා­ගෙන ඉන්නවා නම් ඕනෑම දෙයක් කරන්න පුළු­වන් කියලා එක වැර­දියි. 1987දී උතුරු නැඟෙ­න­හිර ජනතා ප්‍රශ්න ජේ. ආර්. හිටපු ජන­පති විස­ඳුවා.

කවු­රු­හරි මේ රට විනාශ කරන්න හද­නවා නම් ඒකට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඉඩ දෙන්නේ නෑ. කාල­යක් වැටිලා හිටිය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය දැන් ශක්ති­මත් වෙමින් යළි නැඟී එනවා. අපට මේ රජය පෙර­ළන්න අවශ්‍ය නෑ. හදිසි නෑ. ජන­තාව අවු­රුදු පහක් බලය දුන්නා. අපි වැඩ වර්ජන, උද්ඝෝ­ෂණ කරන්නේ නෑ. කකු­ලෙන් අදින්නේ නෑ. බාධා කරන්නේ නෑ. අත­ර­මඟ ආණ්ඩුව කඩා වට්ටන්න උත්සාහ කරන්නේ නෑ.”

මෙහිදී හිටපු ඌව පළාත් මහ ඇමැති සම­ර­වීර වීර­වන්නි, හිටපු ඇමැති ජගත් පුෂ්ප­කු­මාර, නීතිඥ විජිත මල්ලැ­හව මහ­ත්ව­රුද අද­හස් දැක්වූහ.

මේ අව­ස්ථා­වට මහ­සං­ඝ­ර­ත්නය, අන්‍යා­ග­මික පූජ­ක­ව­රුන් ඇතුළු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ලේකම්, හිටපු ඇමැති දුමින්ද දිසා­නා­යක, භාණ්ඩා­ගා­රික ලසන්ත අල­ගි­ය­වන්න මහ­ත්ව­රුද, ප්‍රාදේ­ශීය සභා හිටපු සභා­ප­ති­ව­රුන්, මන්ත්‍රී­ව­රුන් ඇතුළු පාක්ෂි­කයෝ ද සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *