අත්හැර දමා තිබූ දියර කිරි නිෂ්පා­ද­නය සහ අලෙ­විය පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ල­ය යළි අර­ඹයි

මෙතෙක් අත්හැ­ර­දමා තිබූ ජීවා­නු­හ­ර­ණය කරන ලද දියර කිරි නිෂ්පා­ද­නය (UHD) සහ අලෙ­විය ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ලය විසින් නැවත ආරම්භ කර ඇත.

මේ උත්ස­වය පෙරේදා (01) නාරා­හේ­න්පිට පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ල­යේදී කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහ­තාගේ ප්‍රධා­න­ත්ව‍යෙන් පැවැ­ත්විණි. ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ලය විසින් හඳුන්වා දෙන දියර කිරි ලීට­ර­යක ඇසු­රුම එළි­දැ­ක්වීම ද ඇමැ­ති­ව­රයා අතින් සිදු කෙරිණි.

වසර ගණ­නා­වක් පුරා ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ලය ජන­තා­වට විශාල සේවා­වන් රැසක් සිදු කළ අතර, පැවැති යම් රජ­යන් ගත් දේශ­පා­ල­නික තීන්දු තීරණ මත ආය­ත­නය වැසී යන තත්ත්ව­යට පත් විය. වර්ත­මාන රජය විසින් ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ලය ගොඩ­නැ­ඟී­ම­ටත්, එහි සේවා­වන් ජන­තාව වෙත දායාද කිරී­ම­ටත් තීර­ණය කර ඇත. එහි සුවි­ශේෂී අව­ස්ථා­වක් ලෙස දියර කිරි නිෂ්පා­ද­නය (UHD) සහ අලෙ­විය ඇරැ­ඹීම දැක්විය හැකිය.

මේ අව­ස්ථා­වට ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති, වෛද්‍ය බී. සී. එස්. පෙරේරා මහතා ඇතුළු නිල­ධා­රීහු සහ­භාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *