වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය මේ වනවිට කොළඹදී සාකච්ඡාවක නිරතවනවා.
තේ සහ රබර් කර්මාන්තයේ නියුතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1,700 ක් දක්වා වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා වැයවන ඉහළ පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1,700ක් දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය කියා සිටියා.
වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී තීරණය කෙරෙනු ඇති.