යාපනයේ තෙලිප්පලෙයි ආපන ශාලා හිමියෙකු ගවමස් වෙනුවට බලු මස් අලෙවි කොට අති බවට ඇති වී තිබෙන සැකයක් මත මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා එම ආපන ශාලා හිමිකරුට රුපියල් 65000 ක දඩයක් නියම කොට තිබෙනවා.
ඊට අමතරව ආපන ශාලාව වසා දමන ලෙස තෙලිප්පලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට 20 දා නියෝග කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
අධිකරණයට ඉදිරිපත් කොට තිබූ මස් සාම්පලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඒ සම්බන්ධයෙන් වාර්තවක් හැකි ඉක්මනින් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම වාර්තාව ලැබීමෙන් පසුව මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදු කරණ බවද දන්වා සිටියා.
යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු රාත්‍රී ආහාරයට ගැනීම පිණිස මෙම ආපන ශාලාවෙන් රුපියල් 500කට ගවමස් පීරිසියක් ලබා ගෙන තිබෙනවා.
ඔහු එම මස් නිවසට රැගෙන ගොස් ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී මස් කබලි දෙකක බල්ලෙකුගේ ලෝම වලට සමාන ලෝම පිරුණු මස් කබලි දෙකක් තිබී ඇති බවයි වාර්තා වෙන්නේ.