ජුලි බස් ගාස්තු සංශෝධනය කල් දාන්න ගැමුණු තීරණය කරයි

ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ජුලි මාසයේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ප්‍රායෝගික නොවන බවය.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *