පාන් අඩු කරත් බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බෑ – බේකරි සංගමය කියයි

පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීම අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කළද සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

පාන් පිටි මිල රුපියල් 25 කින් අඩු කළේ නම් අනිවාර්යයෙන්ම සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කරන බවද ඔහු සඳහන් කළහ.

අධික ලාභ ලබන මෙරට පාන් පිටි නිෂ්පාදන සමාගම් දෙකට රුපියල් 10 ට වඩා පාන් පිටි මිල අඩු කළ හැකි බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *