අධ්‍යාපන ඇමති අගමැති හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයෙන් විස්වාසභංගයක්

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමැතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ඊයේ (06දා) පැවති විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන ඇත. ඊට අත්සන් ලබා ගැනීම අද (07දා) ආරම්භ කිරීමට ද තීරණය වී තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී අත්තනෝමතිකව සහ අනවබෝධයෙන් කටයුතු කිරීම සහ 06 ශ්‍රේණිය අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නය මුල් කර ගනිමින් එම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට තීරණය කර ඇත.

අධ්‍යාපන ඇමැතිවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයැයි පෙරේදා (05දා) පැවති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනා වී ඇති අතර පසුව එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර ඇත.

එහිදී එම නායකයන්ද ඒකමතිකව යෝජනාවට කැමැත්ත පළ කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ‘ පැවසීය.

ඒ අනුව එම යෝජනාවට අත්සන් ලබා ගැනීම අද සිටම ආරම්භ කර මෙම සතිය තුළ විශ්වාසභංගය කථානායකවරයා වෙත භාරදීමට ද තීරණය කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *