ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යටතේ ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා මෙරට මීළඟ ජනාධිපතිවරයා ලෙස අනිවාර්යයෙන්ම පත්වන බව එම පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම තම පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවයි.