නව සංවර්ධන බැංකුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ දිනවල නිතරම පාහේ දේශපාලන වේදිකාවන් හි කතා කෙරෙන මාතෘකාවකි. මේ සම්බන්ධයෙන් , ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මෙසේ කියා සිටියේය.
“සාමාන්‍යයෙන් බැංකුවක් පිහිටුවන කොට, අපි නියාමකයා. අපි බලන්නේ බැංකුවක් පිහිටුවායින් පසු කොපමණ ප්‍රාග්ධනයක් අවශ්‍යයද, එහි ද්‍රවශීලතා අනුපාත තිබෙනවාද යනාදිය. පිහිටුවායින් පසු ඒ ටික තමයි අපේ වගකීම තියෙන්නේ. පිහිටුවීම සංවර්ධන බැංකුවක්, රජයට අයිති එකක්ද, පුද්ගලික එකක්ද කියලා හැදුවායින් පස්සේ අපට ඉදිරිපත් කරයි. ඒකට අපේ නිර්දේශය යටතේ බැංකු බලපත්‍රයක් ලබා ගත යුතුයි. බැංකු පනත යටතේ මුදල් ඇමතිතුමාට බලතල තියෙනවා බලපත්‍ර නිකුත් කරන්න. ඒකේ ව්‍යූහය බලලා තමයි කියන්න ඕනේ, කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. සංවර්ධන බැංකු කියන අදහස ගොඩාක් කල් ඉඳන් සාකච්ඡා වෙච්ච දෙයක්.“
“ඇප නැතුව ණය දෙනවා කියන ඒකේදී කවුරු හරි ඇප සහතික කරන්න ඕනේ. රජය සූදානම් නම් ඒ ගැරන්ටි එක දෙන්න ඒක දෙන්න පුළුවන්. එතකොට රජය සහතික වෙනවා කියන්නේ, ණය ගෙව්වේ නැත්නම් රජය බදු ගෙවන්නාගේ මුදලින් ඒ ණය මුදල පියවනවා කියන එක. ඔබතුමන්ලා බදුගෙවන්නන් විදියට කැමති නම් කවුරු හරි නොගෙවපු ණයක් පියවන්න, ඒක ක්‍රියාත්මක් කරන්න පුළුවන්.“