පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය ඉන්දීය රජයේ නිල ආරාධනයක් මත සිදු වූවක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් නාමල් රාජපක්ෂ මහතාට මෙවැනි නිල ආරාධනයක් කර නොමැති බවයි.