ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදකයින්ට එරෙහි දඩය රු. මිලියනයක් දක්වා ඉහළ දාන්න යයි

ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ඊට අදාළ රෙගුලාසි පනවා ඇති බවයි.

මේ වනවිට ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් සම්බන්ධයෙන් පනවන දඩ මුදල රුපියල් දස දහසක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය. 

ඒ අනූව මෙම දඩය මිලියනය දක්වා ඉහළ දැමීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *