නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙකු පත් කිරීමට රජය තීරණය කරයි

නවකවදයට මුහුණ දෙන සිසුවෙකුට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය, මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එක් එක් විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවයි.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, කොළඹට කැඳවා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවන වසර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළේ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *