ඡන්දයක් පවත්වනු ඇති දැයි මටනම් සැකයි – මල්වතු මහා නා හිමි

පවතින තත්ත්වයන් මත මැතිවරණයක් පවත්වනු ඇති දැයි සැක සහිත   බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නා හිමියෝ  පැවසූහ.

අද 22 පෙරවරුවේ ජන බලවේගයේ මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි ජනබල වේගය මගින් මහනුවරදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කාන්තා දින උත්සවය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැනුම්වත් කර  ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ මේ බව කීහ.

මහා නා හිමියන් බැහැදැකීමෙන් පසු හිරුණිකා  ප්‍රේමචන්ද්‍ර පැවසුවේ රජය හා ජනාධිපතිවරයා සම්බන්ධයෙන්  අතිපුජ්‍ය මහා නායක හිමිවරුන්ගේ විශ්වාසය  බරපතල ලෙස   බිඳී ගොස් ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *