රනිල් අත්අඩංගුවට ගත්ත ඒක මැජික් එකක් නෙමෙයි, දැන් නීතිය කාටත් එකයි – ඇමැති ලාල් කාන්ත

දැන් සාමාන්‍ය ජනතාවට වගේම ලොකු ලොක්කන්ටත් නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙරට ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් මෙතෙක් නීතිය හරි හැටි ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසයි සමහරුන්ට රනිල් අත්අඩංගුවට ගැනීම මැජික් එකක් වෙලා තියෙන්නෙ යැයි ඇමැති ලාල් කාන්තා මහතා අද (24) මහනුවර දී පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත විසින් රචිත පලු අරටු සහ ගම්මුලාදෑනි වතගොත ග්‍රන්ථය ජනගත කිරීම නිමිත්තෙන් මහනුවර කරළිය රංග ශාලාවේ පැවති උත්සවයක් අවසන්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.
ඉදිරියේ තව තව අයටත් නීතියට ක්‍රියාත්මක වෙයි. එතකොට දැන් කෑ ගහන අයටත් හිතෙයි දැන් රටේ නීතය කාටත් ඒකයි මේක කෑ ගහන්න තරම් මාතෘකාවක් නෙමෙයි කියලා. පොදු දේපල අවභාවිතා කළොත් තරාතිරම නොබලා අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *