NPP එක මේවා කරන්​නේ ආයේ ජනාධිපතිවරයෙක් පත් කරන්න ලැබෙන්නේ නැති නිසා – සාගර කාරියවසම්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ද්වේෂ සහගතව සහ කුහකත්වයෙන් යුතුව සිදුකරන කටයුත්තක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව, හිටපු රාජ්‍ය නායකයන් අතරින් ජීවත්ව සිටින්නේ පස් දෙනෙක් පමණක් බවත්, මෙම ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කිරීමේ ක්‍රියාදාමය හරහා ප්‍රකාශ කරන්නේ 10 දෙනෙකුට වඩා අඩු පිරිසක් සම්බන්ධයෙන් බවයි අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා සඳහන් කළේ.

එසේම, ඔවුන් මෙම කර්තව්‍යය ද්වේෂ සහගතව සිදු කරන්නේ යළිත් ජාතික ජන බලවේගයට ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි බව ඔවුන් දන්නා නිසා බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *