ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළාත් පාලන ආයතන 269ක් ජයග්‍රහණය කර ඇති බවට ලොකු කතා කිව්වත් ඔවුන්ට බලය පිහිටුවීමට හැකියාව ලැබී ඇත්තේ ආයතන 116ක පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා ( 11) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදි අදහස් දක්වමින් දයාසිරි මහතා පැවසුවේ ජාතික ජනබලවේගය සැදිමට නොහැකි සියලු සභා විපක්ෂය එකතුවි නිර්මාණය කළ යුතු බව පවසා සිටියා.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“මීට මාස හයකට කලින් ආණ්ඩුව ගත්ත ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 23කින් කඩාගෙන වැටිලා. මහා ලොකු කතා කිව්වට ප්‍රාදේශීය සභා 269ක් ජයග්‍රහණය කළායි කියලා, ඒකෙන් ඔවුන්ට පිහිටුවන්න හැකිවෙලා තියෙන්නෙ 116ක් විතර. ස්වාධීන කණ්ඩායම් විදියට අතිවිශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ස්වාධීන කණ්ඩායම්වල හිටපු අයව මේ ආණ්ඩුව සැලකුවේ හොරු විදියට. හැබැයි දැන් තමන්ගෙ සභාව පිහිටුවා ගැනීම සඳහා ඔවුන්ව පාවිච්චි කරන්න තමයි මේ අය බලාපොරොත්තු වෙන්නෙ. ඔවුන්ට විවිධ වරදාන, වරප්‍රසාද දෙන්න කතා කරලා තිබුණා. ඔවුන් තරම් පිරිසිදු ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ කිව්වා, එහෙම කියපු අයට දැන් සිද්ධ වෙලා තියෙනවා එදා හොරු, මංකොල්ලකාරයින් කියපු අයව තමන්ගෙ ප්‍රාදේශීය සභාවල බලය හදාගන්න පාවිච්චි කරන්න. අපි යෝජනා කරනවා මේ රටේ මිනිස්සුන්ට, මේ රටේ දේශපාලන පක්ෂවලට ඔබගේ පක්ෂයද, අර පක්ෂයද, මේ පක්ෂයද කියලා කල්පනා කරන්නෙ නැතුව ජාතික ජන බලවේගයට හදාගන්න බැරි සියලුම සභා අපි විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකතුවෙලා, මේ වෙලාවේ මේ සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් හොරු මංකොල්ලකාරයො කියපු ජාතික ජන බලවේගයට එරෙහිව මේ සභා අපි හදමු. ඒවා නිර්පාක්ෂික සභා විදියට අපි හඳුන්වමු”
(Source – News 19)