NPP රජය රට ගෙනියන්නේ වෙනදාටත් වඩා දූෂිත මාර්ගයක – දිලිත් ජයවීර

ජාතික ජන බලවේගය රජය විසින් රට ගෙන යන්නේ පෙර තිබුණාටත් වඩා දූෂිත මාර්ගයක බව සර්වජන බලයේ නායක පාර්ලිිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.

ඒ අනුව, විදේශ සේවය සඳහා යොමු කරන්නේ අත්දැකීම් ඇති, එම ක්ෂේත්‍රයේම පිරිස් බවට මැතිවරණ කාලයේදී ආණ්ඩුව ප්‍රකාශ කළ බවත්, එහෙත් ඔවුන් බලයට පැමිණ විදේශ සේවාවට පත්කළ 08 දෙනාගෙන් 07 දෙනෙක්ම විදේශ සේවයට අයත් පුද්ගලයින් නොවන බවයි අද (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අගවිනිසුරුවරයා විශ්‍රාම ගත් වහාම ඔහු විදේශ තානාපති සේවයට යොමුකර වීමෙන් එය තවදුරටත් බරපතල වන බවද, දූෂිත ක්‍රමය නැති කරන බවට පවසා, පැවති දූෂිත ක්‍රමය ඊටත් වඩා දූෂිතව පවත්වාගෙන යන්නේ නම් ජනතාවට බලාපොරොත්තු තබාගත හැකිදැයි ගැටලු සහගත බවද පාර්ලිිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *