මාලිමා ආණ්ඩුව තුළ අධිකරණයට ස්වාධීනත්වයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
මේ අතර ජනාධිපතිවරයා තමාට වෛර කරන බවයි උදය ගම්මන්පිල පැවසුවේ.
මැතිවරණය හමුවේ බොහෝ පිරිස් ආණ්ඩුව විවේචනය කිරීම අත්හැර මගහැරියද තමා දිගින් දිගටම එම විවේචන සිදුකරමින් කටයුතු කළ බවද ඔහු පවසා සිටියා.
එසේ හුදකලාව ආණ්ඩුවට එරෙහිව තමා සටන් කළ බැවින් ජනාධිපතිවරයා තමාට වෛර කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අනුව තමා මාලිමා ආණ්ඩුවට හිසරදයක් වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.