මහ ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්නේ NPP පළාත් පාලන කණ්ඩායමක් නම් යෝජනා ඇස් පියාගෙන අනුමත කරනවා – ජනපති අනුර

නගර සභාවේ හෝ ප්‍රාදේශී සභාවේ මුදල් මදිනම් සංවර්ධන කටයුතු සඳහා මුදල් මහ ආණ්ඩුවෙන් ලබා දෙන නමුත් ඒ සඳහා සංවරධන යෝජනා ඉදිරිපත් කරන්නේ ජාතික ජන බලවේගයෙන් ද වෙනත් පාර්ශවයක්  විසින් ද යන්න සම්බන්ධව සැලකිලිමත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක (17) මන්නාරමේ දී පැවසුවේය.

පුංචි ඡන්දය ඉලක් කර ගනිමින් මන්නාරමේ පැවති ජන හමුවක් අමතමින් ඔහු පැවසුවේ සංවර්ධන කටයුතුවලට මහ ආණ්ඩුවෙන් මුදල් ලබා ගැනීම සඳහා අදාල යෝජනාවලිය එවන්නේ ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනයක් නම් ඇස් පියාගෙන ඒ මුදල් අනුමත කරන බවත් වෙනත් දේශපාලන කණ්ඩායමක් නම් ඒ සම්බන්ධව දහ වරක් කල්පනා කරන බවත්ය.

මහ ආණ්ඩුව සොරකම් කරන්නේ නැතිනම්, මහ ආණ්ඩුව නාස්ති කරන්නේ නැතිනම් එසේ ප්‍රවේසම් කළ ජාතික ධනය හොරකම් කිරීම හෝ නාස්ති කිරීම සඳහා පලාත් පාලන ආයතනවලට එවන්නේ නැති බවත්,  සංවර්ධන කටයුතු කඩාකප්පල් කර ආණ්ඩුවේ ගමනට කකුලෙන් ඇදීම සඳහා එම මුදල් එවන්නේ නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *