න්‍යෂ්ඨික ප‍්‍රහාරයකට මුහුණ දෙන්න ලංකාව සූදානම් බව දැනුම් දෙයි

කලාපය තුළ සිදුවන න්‍යෂ්ටික ප්‍රහාරයකින් ඇතිවන විකිරණශීලි තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව පරමාණු බලශක්ති නියාමන සභාව සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් හා උපකරණ තමන් සතු බව එම සභාවේ නිලධාරීන් සඳහන් කරති.

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ බලශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.

මෙම සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *